ශ්‍රී ලංකා

හදිස්සිම නැත්තං පාස්පෝට් ගන්න එන්න එපා – විජිත හේරත් !

හදිසිම අවශ්‍යතාවකට හැර මේ මාසය තුළදී පාස්පෝට් ලබා ගැනීමට පැමිණීමෙන් වළකින්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් ජනතාවට දැනුම් දෙනවා.

ඔහු ප්‍රකාශ කළේ, ඉදිරියේදි කිසිවෙකුට විදේශ ගමන් බලපත් නොලැබී යාමේ අවදානමක් නැති බවයි.

මාස හයකට ප්‍රමාණවක් විදේශ ගමන් බලපත්‍ර තොග ලැබෙමින් පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියා.

සමස්තයක් ලෙස විදේශ ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස්දාහක් ඇනවුම් කර ඇති අතර ඒවා කොටස් වශයෙන් ලැබෙමින් පවතින බව සඳහන්.

මේ අතර විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සහ VFS වීසා සිදුවීම් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.

ඒ සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා එම විගණනය සිදුකරන බවත්, ඒ හරහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවත් අමාත්‍යවරයා ඔහු අවධාරණය කර තිබෙනවා.

තුෂරි සිංහාරමුදලිගේ

View Comments

  • විගණනය සඳහා පාස්පෝට් එක ගන්නා අයට ‍ප්‍රරමාද කිරීමක් අවශ්‍ය වන්නේ නෑනේ. පාස්පෝට් එකක් ඉල්ලුම් කළ යමෙකු සිටී නම්, ඔවුනට එය ලබා දිය යුතුමයි. රැකියාවට ඇයිදුම්පතක් දැමීමට හෝ, ටිකට් පත වීසා පත ලබා ගැනීමට පාස්පෝට් එක තිබිය යුතුමයි. එසේ නම්, ඉල්ලුම් කළ සියලු දෙනාටම පාස්පෝට් හදිස්සියේ ඇත. මෙය මහා ලොකු දැනුමක් වියයුතු නොව, සාමාන්‍ය දැනුමක් වේ.

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago