විදේශ

ට්‍රම්ප් – කමලා ජනාධිපති සටන අද !

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (05) අමෙරිකාවේ ප්‍රාන්ත 50ක සහ කොලොම්බියා පරිපාලන කලාපයේ දී පැවැත්වේ.

රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා 60 හැවිරිදි කමලා හැරිස් අතර තියුණු තරගයක් පවතින බවට අනාවැකි පළ වී ඇති මෙවර අමෙරිකාවේ ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෝ දෙදෙනා ඊයේ ඔවුනොවුන්ගේ අවසන් ප්‍රචාරක රැලි සඳහා සහභාගී වූහ.

අමෙරිකාවේ උප ජනාධිපතිවරිය ද වන කමලා හැරිස් මිචිගන් ප්‍රාන්තයේ දී සිය අවසන් ප්‍රචාරක රැලියට සහභාගි වූ අතර, හිටපු ජනාධිපතිවරයකුද වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියා ප්‍රාන්තයේ දී සිය අවසන් ප්‍රචාරක රැලියට එක්විය.

ඇමෙරිකන් ව්‍යවස්ථාව අනුව, එරට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, සිවු වසරකට වරක්, නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදා දිනයේ.

මෙවර ජනාධිපතිවරණය අද දිනයේ පැවැත්වෙන්නේ ඒ අනුවයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

9 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago