පාස්කු ප්‍රහාර නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවට අදාළ විත්ති වාචකය කැඳවීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට අද (05) නියම කර තිබෙනවා.
ඔවුන්ට එල්ලවී තිබුණේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම, මිනීමැරුම ඇතුළු චෝදනා යි.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම අභියාචනා පිළිබඳව දීර්ඝ විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීරණයට එළැඹ ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම යන චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබෙනවා.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම අභියාචනා පිළිබඳව දීර්ඝ විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීරණයට එළැඹ තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරා තිබුණා.
එම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව එම විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කර තිබු අතර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ එම තීරණය නීතියට පටහැනි බවත් එය බලරහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් එම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, එම නඩු විභාගයේදී මහාධිකරණය විසින් විත්තිවාචකය කැඳවීය යුතුව තිබූ බවයි.
ඒ අනුව මෙම තීන්දු ප්‍රකාශයට පත්කරන බව විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…