හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව අඩුකර ඇති බවට මෑතක ඇතැම් පාර්ශව පළකර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්, මෙතෙක් එවැනි පියවරක් ගෙන නොමැති බවත් විජිත හේරත් පවසනවා.
රජය මේ සම්බන්ධයෙන් සාධාරණව සළකා බලා තීරණයක් ගන්නා බවත්, හිටපු රාජ්‍ය නායකයන්ට අවශ්‍ය ආරක්ෂක තොරතුරු පමණක් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය හේරත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවත්, වාර්තාවක් ලැබුණු පසු කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත්ය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආරක්‍ෂාව අඩුකර ඇති බවට පසුගියදා කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය හේරත් කියාසිටියේ, එවැනි තීරණයක් ගෙන නොමැති බවත් ඇයගේ ප්‍රකාශ අසත්‍ය බවත්ය.
මේ වන විට 57 දෙනකුගෙන් යුත් ආරක්ෂක ඛණ්ඩයක් ඇයට සපයා ඇති බව ඔහු අනාවරණය කළේය.
හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂක නිලධාරීන් 100කට අධික සංඛ්‍යාවක් මෙන්ම විවිධ වාහන සහ ගිලන්රථද ලබාදී ඇති බවද රජයේ ප්‍රකාශකවරයා පෙන්වාදුන්නේය.
හිටපු ජනාධිපතිවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 1,100ක් වැයකරන බවත්, එම ප්‍රතිපාදන ප්‍රමාණය පොලිස් රෝහලට වාර්ෂිකව වෙන්කරන ප්‍රතිපාදන ප්‍රමාණයට වඩා වැඩි බවද ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති ආරක්‍ෂාව වෙනස්විය යුතු බව රජයේ අදහස බව අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…