විදේශ

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියාව සැරසෙයි !

වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය නීති සම්පාදනය කර එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese පවසා තිබෙනවා.

මෙය තම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්වන දෙමව්පියන් වෙනුවෙන් ගන්නා තීරණයක් බවත්, සමාජ මාධ්‍ය ළමයින්ට කරන හානිය අවම කිරීම සඳහා මෙම තීරණය ගන්නා බවත් බොහෝ තොරතුරු තවමත් විවාදයට ලක්ව නොමැති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

අධික සමාජ මාධ්‍ය භාවිතයෙන් දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට ඇති අවදානම, විශේෂයෙන්ම ශරීර රූපය හානිකර ලෙස නිරූපණය කිරීමෙන් ගැහැණු ළමයින්ට ඇති අවදානම සහ පිරිමි ළමයින් ඉලක්ක කරගත් ස්ත්‍රී ද්‍රෝහී අන්තර්ගතයන් උපුටා දක්වමින් අගමැතිවරයා මෙම නව තීරණය පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

මෙම සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීම වෙනුවෙන් පියවර ගන්නා පළමු රට ඔස්ට්‍රේලියාව වනු ඇති බවත්, මේ වනවිට සමාජ ජාල භාවිත කරන තරුණයින්ට මෙම තහනම අදාළ නොවන බවත් ඔහු පවසා තිබෙනවා.

ලබන වසර අවසානයේ දී බලාත්මක විය හැකි තහනම අනුව සමාජ මාධ්‍ය වේදිකා වෙත ළමයින්ට ප්‍රවේශ වීම අවහිර කිරීමට සහාය වීම සඳහා වයස තහවුරු කිරීමේ ක්‍රමයක් ඔස්ට්‍රේලියාව අත්හදා බලන බව සඳහන්.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago