ශ්‍රී ලංකා

බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න කපුවාගේ තවත් සැප වාහනයක් අත්අඩංගුවට !

ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මිට්සුබිෂි මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප්රියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් එම සැකකරු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

තෙල්දෙණිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහගේ උපදෙස් පරිදි එම සුඛෝපභෝගී ජීප් රිය අත්අඩංගුවට ගෙන තිබේ.

දේවගැතිවරයාට අයත් බව කියන එම සීපී ජේආර් 5556 අංකය සඳහන් ජීප් රිය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකට අනුව එම අංකයට ලියාපදිංචි කළ තවත් මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රියක් කුලියාපිටිය ප්‍රදේශයේ තිබෙන බවට අනාවරණය වීමෙන් පසු එහි නීත්‍යානුකූල හිමිකරුගෙන් විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ගල්තැන්නේ ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී ජීප් රිය තෙල්දෙණිය කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් බාරයට ගෙන තිබේ .

මෙම දේව ගැතිවරයාගේ ගාල්තැන්නේ පිහිටි වාහන අංගනයේ සැක කටයුතු වාහන දොළහක් පමණ තිබෙන බව පවසන පොලිසිය ඩිෆන්ඩර් රථ, මොන්ටේරෝ වර්ගයේ ජීප් රථ. කාර් රථ ඇතුළු වාහන ගණනාවක් ඇති බවද පොලිසිය කියයි.

එම වාහන වල චැසි අංක සහ එන්ජින් අංක වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලයට ලබා දී ඇති බවද පොලිසිය පවසයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago