මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මදුෂ් ගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව මෙම නඩුකරය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී මිය ගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ මරණය සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදුකර නොමැති බව සඳහන් කළා.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ අධිකරණ සේවා කොමිසම විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයකට අදාළ ව එවැනි නියෝගයක් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි.
නමුත් අගතියට පත් පාර්ශ්වයට අවශ්‍ය නම් අදාළ ආයතන වෙත ගොස් පැමිණිලි කර විමර්ශන ඉල්ලා සිටීමට හැකියාවක් තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළා.
කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 05 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා මාලිගාවත්ත පොලීසියට නියෝග කරනු ලැබුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…