දේශපාලන

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් !

මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

2024 වසරට අදාළ මහ මැතිවරණය ලබන 14 වන දින පැවැත්වීමට නියමිත වන අතර ඒ අනූව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක් පමණයි.

මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (07) සහ හෙට (08) යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි.

ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 01 සහ 04 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලා..

මේ අතර ඉදිරි මහ මැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කලා.

“නිහඬ කාලය ඇරඹෙනවා 11 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට. ඒ කාලයේ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් නොකළ යුතුයි. ඒ වගේම සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා අපේක්ෂකයින්ගේ පවුලේ අයට ඡන්ද ආයාචනා කිරීමේ හැකියාවක් නෑ. ගෙයින් ගෙට යන්න බෑ. මෙය නීතිවිරෝධී ක්‍රියාවක්. 

ප්‍රචාරණය සඳහා ආගමික ස්ථාන සහ ආගමික පුජකවරුන් හා ඔවුන්ගේ ආගමික කටයුතු භාවිත කළ නොහැකියි. පිරිත් නූල් ගැටගසන ආකාරයේ ඡායාරූප අරගෙන ප්‍රචාරක කටයුතු කරන්න එපා. එවැනි පහත් තත්ත්වයට වැටෙන්න එපා.”

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago