දේශපාලන

ලොහාන් රත්වත්තේ සහ බිරිඳ අද අධිකරණයට !

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ අද (07) උදෑසන නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

නීති විරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව ලොහාන් රත්වත්තේ මහතාව පසුගිය ඔක්තෝබර් මස 31 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මේ අතර, නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් ගංගොඩවිල අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ ද පසුගිය නොවැම්බර් මස 4 වන දා අත්අඩංගුවට ගෙන අද (07) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පසුව නොවැම්බර් මස 2 වෙනි දා බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවූ අතර ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබුණා. නොවැම්බර් මස 3 වනදා ලොහාන් රත්වත්තේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පසුව සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමුකර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පසුවිය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

14 minutes ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 hour ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

5 hours ago