විදේශ

ශකීබ්ගේ සියලු බැංකු ගිණුම් තහනම් කෙරේ !

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශකීබ් අල් හසන්ගේ සියලුම බැංකු ගිණුම් බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය (BFIU) විසින් තහනම් කර ඇති බව එරට බැංකු ප්‍රකාශක Husne Ara Shikha මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් මෙම තොරතුරු තහවුරු කළේය.

මීට පෙර, ඔක්තෝම්බර් 2 වෙනිදා, බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය විසින් ශකීබ් අල් හසන්, ඔහුගේ බිරිඳ Umme Ahmed Shishir සහ ඔහුගේ ව්‍යාපාරික ආයතනවල සියලුම බැංකු ගිණුම් තොරතුරු ඉල්ලා සිටියේ, කොටස් වෙළඳපොල හැසිරවීම් සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයක කොටසක් ලෙස ය.

ශකීබ් මේ වන විට සිය පවුලේ අය සමඟ එක්සත් ජනපදයේ රැඳී සිටීම හේතුවෙන් ඔහුට ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලිය අහිමිවනු ඇතැයි වාර්තා වේ. ඊට හේතුව එම තරගාවලිය බංග්ලාදේශයේ පැවැත්වීමයි.

කෙසේ වෙතත් මෙම තුන්ඉරියව් ක්‍රීඩකයා පසුගිය සැප්තැම්බර් අග දී, තමා ටෙස්ට් සහ T20I තරඟවලින් විශ්‍රාම යන බව නිවේදනය කළේය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

9 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago