මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2006 මැයි 31 දිනට පෙර උපන්, වයස අවුරුදු 18 සම්පූර්ණවන තරුණ ඡන්දහිමියන්ගේ නම් ද, ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිව ඇති බැවින් අ.පො.ස. උසස් පෙළ උපකාරක පංතිවලට සහභාගීවන සිසුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම ඇති හැකියාව පිළිබඳව අදහස් දක්වා තිබුණා.
ඒ අනූව අ.පො.ස. උසස් පෙළ උපකාරක පංතිවලට සහභාගීවන සිසුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා නොවන පරිදි පන්ති යොදා ගැනීමට කටයුතු කරන ලෙස සියලුම උසස් පෙළ උපකාරක පන්තිවල කළමණාකරුවන්ගෙන් හා ගුරුභවතුන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසම එම නිවේදනයේ සඳහන් කර තිබුණා.
එහි වැඩිදුරත් සඳහන් පරිදි මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමේ දී රාජ්‍ය විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩලවලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ඡන්දය ප්‍රකාශ කළ හැකිවන අයුරින් නිවාඩු ලබාදීමට ක්‍රියා කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා ඇති බවයි.
ඒ අනුව, රාජ්‍ය විශ්වවිද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින් ද ස්වකීය කාර්යමණ්ඩල හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට ක්‍රියා කරන ලෙසයි කොමිසම ඉල්ලා සිටින්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
දෙනව පකක් .A/l කල් දාන්න බෑ .චන්දෙ දෙන්න වෙලාව නාස්ති කරගන්න පුකේ ඉත්තෑවො නෑ