ශ්‍රී ලංකා

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානයක් අවලංගු කරයි !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයකට ලක්වීම හේතුවෙන් අවලංගු කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පැවසුවේ, අද (09) අලුයම 12:30ට කටුනායක ගුවන් තොටුපොළෙන් මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබු ගුවන් යානය මෙලෙස අවලංගු කිරීමට සිදුවු බවයි.

ඒ අනුව, හදිසි අවශ්‍යතාව මත ගුවන් මගීන් වෙනත් විකල්ප ගුවන්යානා මගින් පිටත් කර හැරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

අනෙකුත් ගුවන් මගීන් පිරිස හෙට (10) දින අලුයම 12.30 ට පිටත්වීමට නියමිත ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා රැගෙන යන බවද ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී වැඩිදුරටත් සඳහන් කළා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

58 minutes ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

5 hours ago

ලෝක ආර්ථික සංසදයෙන් අනාගත රැකියා පිළිබඳ වාර්තාවක් එළිදැක්වේ!

ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…

6 hours ago