ක්‍රිකට්

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු T20 තරඟය අද රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී !

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් විස්සයි විස්ස පළමු තරගය අද (09) ඇරඹීමට නියමිතයි.

එම තරඟය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී රාත්‍රි 7.00ට පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරන අතර නවසීලන්ත කණ්ඩායමේ නායකයා වන්නේ මිචෙන් සැන්ටනර්ය.

වසර 5කට පසුව නවසීලන්ත කණ්ඩායම සමග ශ්‍රී ලංකාව මෙරටදී 20-20 තරගයකදී මුණගැසෙන්නේ අදයි. ඒ 2019 වසරේදී මෙරටදී පැවැති තරගාවලිය 2 – 1 ලෙස නවසීලන්තය ජයග්‍රහණය කළ පසුබිමකයි.

නවසීලන්තය සමග පැවැති 20-20 තරගාවලි හතරම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී ඇති අතර 2013 වසරේ සිට ශ්‍රී ලංකාව තරගාවලි ජයක් නොලැබූ අතර මෙවර වසර 11කට පසුව ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් සොයා අද ක්‍රීඩාපිටියට පිවිසීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරග 33ක් පවත්වා ඇති අතර නවසීලන්තය තරග 13ක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග 9ක් ජයගෙන ඇත.

කෙසේ වෙතත් නවසීලන්තය අද තරගයට පිවිසෙන්නේ ඉන්දියාව සමග පැවති විස්සයි විස්ස සහ ටෙස්ට් තරග මාලාවකින් පසුවය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago