ශ්‍රී ලංකා

Online ජාවාරමට අත්අඩංගුවට ගත් 58 දෙනාගේ තොරතුරු රැසක් එළියට !

හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනා අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමට නියමිතව තිබුණා.

ඒ අනූව ඔවුන් පිළිබඳව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

නීති විරෝධී අයුරුන් අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් අනුව මෙම සැකකාර ශ්‍රී ලාංකික පුද්ගලයින් 58 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව,

“ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාලයකින් තමයි මේ පිළිබඳ පැමිණිල්ල ලැබී තිබුණේ. කොරියාවේ සිටින කොරියානු ජාතිකයෙකුගේ මුදල්. ශ්‍රී ලංකා මුදල් වටිනාකමින් ගත්තොත් රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වංචා කර තිබෙනවා කියලා.”

“ඒ අනුව ඊයේ මෙම ස්ථානය වටලනු ලැබුවා. රුපියල් ලක්ෂ 90වකට වැඩි මුදලක් මාසික කුලිය විදියට ගෙවමින් මෙම ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා.”

“පසුව අනාවරණය වුණා මෙය අන්තර්ජාලය ඔස්සේ මුදල් කොල්ලකන කඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙන බව.”

“මෙහි අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන කොළඹ 07 පදිංචි 52 හැවිරිදි කාන්තාවක් සහ කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන රාගම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටිනවා.”

“තවත් පුද්ගලයන් මේකට සම්බන්ධ බවට තොරතුරු ලැබුණා. විදේශීය රටක විදේශිකයන්ගේ මෙහෙයවීම් මත මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු තිබෙනවා. ඔවුන්ගේ ඉලක්කය විදේශීය රටවල සිටින ජාතිකයන්.”

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago