කිවියන් පරදවමින් පළමු T20 තරඟයේ ජය ශ්‍රී ලංකාවට!

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 (T20) ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් තරග දෙකකින් යුත් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (9) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 135 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගිය අතර, පැතුම් නිස්සංක ලකුණු 19 යි. කුසල් පෙරේරා හා කමිදු මෙන්ඩිස් ලකුණු 23 බැගින් ලබා ගත්තා. භානුක රාජපක්ෂ ලකුණු 4 යි.

ලකුණු 87 දී 5 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව 6 වැනි කඩුල්ලට පන්දු 35කි​න් ලකුණු 38ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් නායක චරිත් අසලංක හා හිටපු නායක වනිදු හසරංග ශ්‍රී ලංකාව ජයග්‍රහනය ආසන්නයටම රැගෙන ගියා. වනිදු ලකුණු 22 ක් රැස් කළා.

අසලංක පන්දු 28 කින් නොදැවී ලකුණු 35 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහනය තහවුරු කර දුන්නා. දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 11 යි.

පන්දු යැවීමේ දී සකාරී ෆෝක්​ස් ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ ලකුණු 27 බැගින් ලබා ගත් මයිකල් බ්‍රේස්වෙල් හා සකාරී ෆෝක්​ස් (නොදැවී). විල් යන්ග් ලකුණු 19 කටත්, නායක මි‍චෙල් සැන්ට්නර් ලකුණු 16 කටත් දැවී ගියා.

8 වැනි කඩුල්ල ලකුණු 96 දී බිද වැටුණු පසුබිමක 9 වැනි කඩුල්ල වෙනුවෙන් සකාරී ෆෝක්​ස් හා ඉෂ් සෝදි ලකුණු 39 (23)ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් නවසීලන්තය ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නුවන් තුෂාර, වනිදු හසරංග හා මතීෂ පතිරණ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, මෙම තරගය අතරතුර දී කුසල් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි 20 ජාත්‍යන්තර ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරු ලෙස ද ඉතිහාසගත වුණා. ඔහු මේ වන විට ලකුණු 1,904 ක් රැස් කර ඇති අතර, මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි 20 ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාවක් ලබා ගෙන තිබුණේ ලකුණු 1,889 ක් ලබා ගෙන තිබූ තිලකරත්න ඩිල්ෂාන්.

තරගයේ වීරයා බව​ට පත් වූයේ නොදැවී ලකුණු 35ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය නායක චරිත් අසලංකයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන විස්සයි විස්ස තරගය අද (10) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතයි.

Ceylon News Factory

Recent Posts

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

25 minutes ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 hour ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

5 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

6 hours ago