මැතිවරණ කොමිශන් සභාව විසින් නාමයෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබූ අශේන් සේනාරත්න සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා.
ඔහු තවදුරටත් සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද අනුමත කර ඇති පසුබිමක අශේන් වෙනත් ස්වාධීන කණ්ඩායමක ජාතික ලැයිස්තුවෙන් තරඟ කරන බව පවසමින් විශාල ප්‍රචාරණ ක්‍රියාවලියක නිරත වෙන බවයි.
මෙය පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් මෙන්ම ඔහුගේ හැසිරීම අයුතු බලපෑම යන වරටද යටත් වන බව මංජුල ගජනායක මහතා අවධාරණය කරනවා.
“තමන්ට ඡන්දය ලබා දෙන ලෙස හෝ වෙනත් තැනකට ඡන්දය ලබා නොදෙන්නැයි විවිධ උපක්‍රම භාවිත කරමින් අයුතු බලපෑම් කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. මැතිවරන කොමිසමේ තීරණය අධිකරණය මඟින් මේ වන විටත් සනාථ කර තිබියදී වෙනත් දේශපාලන පක්ෂයකින් ඉල්ලනවා යැයි කීම අධිකරණයට අපහාසයක්. මෙවැනි ව්‍යාජ තරුණ ප්‍රචාරකයින් උත්කර්ෂයට නංවන්නට එපා. තරුණ දේශපාලන නියෝජනය කියන්නේ මේක නෙමෙයි. මොහු සමහරවිට අදාළ ස්වාධීන කණ්ඩායමෙන් මුදල් ලබාගෙන වෙන්නට පුළුවන්, එම නිසා අපි මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල්ලක් ඉදිරිපත් කරලා තියෙන්නෙ පොලීසියට මේ සම්බන්ධයෙන් සොයා බලන්න”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…