කළුතර දිස්ත්‍රික්කයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුන් හට දෙවැනි වාර පරීක්ෂණය සඳහා ලබා දුන් අනුමාන සාමාන්‍ය පොදු පරීක්ෂණ පත්‍රයේ මුල් ප්‍රශ්න 05 ම වත්මන් රජය පිළිබඳව අසමින් යොමු කළ ප්‍රශ්න සම්බන්ධයෙන් පසුගියදා සමාජය තුළ දැඩි කතාබහක් මතු කළා.
එහිදී විපක්ෂ දේශපාලනඥයින් පැවසුවේ මාලිමා රජය විසින් රටේ අධ්‍යාපනය ද දේශපාලනීකරණය කිරීමට උත්සාහ දරමින් සිටින බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන බවට දැනුම්දෙමින්.
පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත් ව තිබීම පිළිබඳ ව විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට තමන්නිලධාරීන්ට උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසනවා.
එමෙන්ම අදාළ ප්‍රශ්න පත්‍රය කලාපයෙන් හෝ අමාත්‍යාංශ මට්ටමින් හෝ සැකසුණු එකක් නොව පාසලෙන්ම සැකසූ එකක් බවටත් ඊට කිසිදු ආකාරයේ රාජ්‍යය මැදිහත් වීමක් අමාත්‍යාංශයෙන් හෝ අධ්‍යාපන කලාපයෙන් හෝ සිදුව නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනය මගින් පවසනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
මේකෙ වැරැද්ද හිතාගන්න බැහැ.මේ සාමාන්‍ය පොදු පරික්ෂණ ප්‍රශ්න පත්‍රයක් නේද?කාලීන තොරතුරු නේද?
ඇත්තද මාලිමාව විසින් පාසල් අධ්‍යාපනය දේශපාලනීකරණය කර ඇත.
😄ඈ..... හ්ම්ම්ම්ම්....... Not, more, රීප්ල්ය්......... 🤔🙌
පිස්සු වැඩ,මේක කෝමද දේශපාලන ක්‍රමයක් වෙන්නේ..ජානාදිපතිවරනයක් තිබ්බනම් ඒ ගැන ප්‍රශ්න අහන්න බැරි මොකද..කෝමත් ඒ පේපර් එක එහෙම හැදෙන පේපර් එකක්......මේකත් ඉන්න බැරි උන්ගේ වැඩක්ද කොහෙදෝ...😂😂😂😂