එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ජාතික කාර්ය සාධක බළකායේ අනතුරු අඟවනවා.
එම බළකාය පවසන්නේ මෑතක සිට වැඩි වශයෙන් ශ්‍රී ලාකිකයින් එම කඳවුරු වෙත ආකර්ෂණය කරගෙන ඇති බවයි. විශේෂයෙන්ම වැඩි වැටුප් පෙන්වමින් ඉහළ පරිගණක දැනුම සහිත පුද්ගලයින්ව වෙනත් රටවල රැකියා සඳහා යොමුකරන බව පවසමින් එම වෘත්තීයවේදීන්ව රවටන බවයි.
සමහරුන්ව ඩුබායි හි සම්මුඛ පරීක්ෂණ පවත්වන බව පවසා පසුව රවටා මියන්මාරය වෙත රැගෙන යන බව වාර්තා වී ඇති බව සඳහන් ය.
එබැවින් විදෙස් ගත වන්නේ නම් නීත්‍යානුකූල ක්‍රමවේද භාවිත කරන ලෙස සියලු දෙනාගෙන් ජාතික කාර්ය සාධක බළකාය පවසනවා.
එබැවින් යම් සැක කටයුතු සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ සම්බන්ධයෙන් 0112102570, 076 844 7700 යන දුරකථන අංකවලට හෝ nahttfsrilanka@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට තොරතුරු ලබාදෙන ලෙස ජාතික කාර්ය සාධක බළකාය දැනුම් දෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…