අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතාට රජය විසින් ලබාදී තිබූ නිවාසය නැවත භාරදී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
සිහිකැඳවීම් ගණනාවකින් අනතුරුව එය ලබාදී ඇති බවයි, අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ හිතවතකු පැමිණ හිඟ කුලී මුදල ගෙවීමෙන් අනතුරු අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් ගොස් එම නිවස භාරගෙන ඇති බවයි ජාතික පුවත්පතක දැක්වෙන්නේ.
සනත් නිශාන්ත මහතා රිය අනතුරකින් පසුගිය ජනවාරි මස 25 වැනිදා මිය ගියා.
ඉන් අනතුරුව ඔහුගේ බිරිඳට සහ දරුවන්ට එම නිවාසයේ රැඳි සිටීමට එවක පැවැති රජය අවස්ථාව සලසාදී තිබුණේ.
කෙසේවෙතත් නව ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ හිටපු මැතිඇමතිවරුන්ගේ නිල නිවාස යළි රජයට භාර ගැනීමට තීරණයක් ගෙන තිබුණා.
ඒ අනුවයි, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතාගේ නිවසත් භාරගැනීමට කටයුතු කළේ.
මේ සමඟ හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නිල නිවාස සියල්ල භාරදී අවසන් බවයි, අමාත්‍යංශයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…