උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ වලංගු හැඳුනුම්පතක් රැගෙන වේලාසන ඡන්ද පොළ වෙත පැමිණ ඡන්දය භාවිත කරන ලෙසය.
කෙසේ නමුත් මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ලැබී නොමැති නම් එය ඡන්දය දැමීමට කිසිදු බාධාවක් නොවන බවත් ඔහු පැවසනවා.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ඔබට ලැබී නැත්නම් කිසිදු ගැටලුවක් නෑ. ඔබට වලංගු හැඳුනුම්පත් තිබෙනවා නම් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලැබෙනවා. ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය පූජක හැඳුනුම්පත , පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ආබාධිතයින් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන හැඳුනුම්පත එසේත් නැතිනම් තාවකාලික හැඳුනුම්පත යන මේ හැඳුනුම්පත්වලින් එකක් රැගෙන ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්නට හැකියාව තිබෙනවා.
විශේෂයෙන් ඡන්දය දෙන ආකාරය ගැන කෙටියෙන් සඳහන් කළොත් ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාවේ ඉහළින් සඳහන් වන කොටසේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නම් සහ ලකුණ සඳහන් වෙලා තියෙනවා. ඔබට කැමති දේශපාලන පක්ෂයකට හෝ ස්වාධින කණ්ඩායමකට ඒ ඉදිරියෙන් තිබෙන කොටුව මත කතිරයක් සලකුණු කිරීමෙන් ඡන්දය ප්‍රකාශය කරන්න පුළුවන්. ඔබ සලකුණු කල හැක්කේ එක කතිරයක් පමණයි.
ඒ වගේම ඔබ මනාප ලබා දීමට අදහස් කරන්නේ නම් ඡන්ද පත්‍රිකාවේ යට කොටසේ තිබෙනවා ඔබේ දිස්ත්‍රික්කයට අදාළ ඒ අපේක්ෂකයින්ගේ මනාප අංක සටහන් කොටු කිහිපයක්. ඒ කොටුවලින් ඔබට කැමති අපේක්ෂකයින් එක්කෙනෙකුට, දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට ඔබේ මනාපය සලකුණු කරන්න පුළුවන්. ඒ කොටු මත කතිර සලකුණ පමණක් පාවිච්චි කරන්න ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…