ගෑස් සිලින්ඩරයේ අනිත් ජාතික ලැයිස්තු අපේක්ෂකයා මෙන්න !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබෙනවා.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තරුණ නියෝජනයක් අවශ්‍ය බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බොහෝ පාර්ශව වලින් ලැබුණු ඉල්ලීම් සලකා බලා කංචන විජේසේකර මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂය සදහන් කළා.

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ලැබුණු අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීමට එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය කටයුතු කළා.

Team CNF

View Comments

  • කංචන ඇමති තුමා රට ආර්තිකව වැටුනු වෙලාවෙ..රනිල් ජනපති තුමා එක්ක එකතුව රටට අට්‍යව්ශ්‍ය ,ඉන්දන,විදුලිය ....අසීරුවට පත්වූ ජනතාවට නිසි වෙලාවට බෙදා දීමට ක්ව් ආර් ක්‍රමයද සකස් කරකටයුතුකල රට ස්තාවර කළ දකුනෙන් බිහි වූ අභීත නායකයෙක්,,,එතුමාට මොනදේ බාර දුන්නත් සබ්ජට් එක ඇගේ තියෙනව....ජාතික ලැයිස්තුවෙන් එතුමාට පාර්ලිමේන්තු අසුනක් පිරිනැමීම පිළිබද හිටපු ජනපති රනිල් මහතාට මාතර ප්‍රගතිශීලී ජනතාවගේ ස්තුතිය....

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago