අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනට අයදුම්පත් භාර දීමට අතිරේක සහන කාලයක් මෙන්ම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එම අමාත්‍යාංශය නිවේදනය කළේ, අනිද්දා සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා අයදුම්පත් ඉදිරිපත් කිරීමට මෙලෙස කාලය ලබා දී ඇති බවයි.
එමෙන්ම, දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සදහා ද අනිද්දා සිට දෙසැම්බර් 15 වැනිදා දක්වා කාලය ලබා දී තිබෙනවා.
අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීමට 3,70,000ක් පළමු අදියර යටතේ අයදුම්පත් ඉදිරිපත් කර තිබූ අතර, ඉන් ප්‍රතිලාභීන් 1,70,000ක් පිළිගෙන තිබුණා.
ඔවුන්ට මේ වන විට ප්රතිලාභ ගෙවන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…