ශ්‍රී ලංකා

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි විශේෂ විගණනයකින් හෙළිව තිබෙනවා.

මේ නිසාවෙන් විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයින් රැසකට එම බලපත්‍ර ලැබී නොමැති බවයි විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ.

ඊට අමතරව එම බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙළේ දී තවත් අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ඔහු පවසනවා.

පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ ‍එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කළ විශේෂ විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට භාර දි ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව එම වාර්තාව ඉදිරියේ දී සභාව ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ හරහා රජයට නිර්දේශ ගණනාවක් ද ඉදිරිපත් කර ඇති බවයි ජාතික විගණන කාර්යාලය පැවසුවේ.

විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන් ගෙන්වීමට බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කරනු ලැබුවේ පසුගිය රජය සමයේ දීයි.

ඒ අනුව සුදුසුකම් ලබන විගමනික ශ්‍රමිකයින් සඳහා අමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් ද, අමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද 4කින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ද ආනයනය කිරීමට අවස්ථාඅ ලබා දී තිබුණා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago