අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළින් දෙසැම්බර් 21 ,23,27,28 , 30 සහ 31 දිනවල අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළව සංශෝධනය කරන ලද විභාග කාල සටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
මේ අතර දෙසැම්බර් 04 දා සිට 20 දක්වා පෙර කාල සටහනේ සඳහන් විෂයන් එම දිනවල නියමිත ලෙස පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ලා දුඹුරු පැහැයෙන් නිකුත් කර ඇති මෙම සංශෝධිත කාල සටහනේ පිටපතක් උසස් පෙළ සියලුම අපේක්ෂකයන් සඳහා සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන දෙසැම්බර් 07 දා විභාග මධ්‍යස්ථානවලදී ලබා දෙන බවද ඒ ඒ අපේක්ෂකයන් සඳහා තමන්ට නියමිත විෂයන් සඳහාවූ කාල සටහන විහාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර බාගත කර ගැනීමට පහසුකම් සලසන බවද විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…