ශ්‍රී ලංකා

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, එහි ගුරුවරයෙකු සහ අදාළ ට්‍රැක්ටර් රථයේ සහායකයින් දෙදෙනා පොලීසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔවුන් ඊයේ පස්වරුවේ සමන්තුරෙයි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයා ලබන මස 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත.

ට්‍රැක්ටර් රථයේ සහායකයින් දෙදෙනා ඇප මත මුදාහැර ඇති බව සඳහන් ය.

පසුගිය 26 වනදා පස්වරුවේ සිසුන් 11 දෙනෙකු ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි ට්‍රැක්ටර් රථය සැඩ පහරට හසුවී පෙරළී ගොස් තිබු අතර එහිදී සිසුන් 6 දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් 8දෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබුණි.

සිද්ධියෙන් මියගිය සිසුන් 5 දෙනෙකුගේ, ට්‍රැක්ටර් රථයේ රියදුරාගේ සහ එහි ගමන් කළ තවත් පුද්ගලයෙකුගේ මළසිරුරු මේ වනවිට සොයාගෙන ඇති අතර අතුරුදන් වූ අනෙක් සිසුවා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

මාර්ගය අවදානම් බැවින් බස් රථය පවා ධාවනය කිරීම නතර කර තිබියදී හමුදාවේ උපදෙස් නොතකා, මුදලට මගීන් ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයෙන් දරුවන් නිවෙස් වෙත රැගෙනයෑමට උපදෙස් ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබූ බව ඊයේ වාර්තා විය.

මේ අතර ට්‍රැක්ටර් රථයේ සහායක ලෙස සිටි පුද්ගලයෙක් අනතුර සිදුවූ අවස්ථාවේ බේරී පළාගොස් සිට ඇති බවත් අනාවරණ වුණි.

ඒ එම පුද්ගලයා කාරතිව් පොලීසියට ගොස් ඊයේ බාරවීමෙත් සමඟය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago