ශ්‍රී ලංකා

අවුරුදු 13ක් පුරා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආපදා අවම කරන්න වැය කළ රුපියල් කෝටි 325ත් වතුරෙ – විගණනයේ අනාවරණය මෙන්න !

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් ඉකුත් වසර දහතුනක කාලය තුළදි (2011 වසරේ සිට 2023) ආපදා අවම කිරිමේ ව්‍යාපෘති සදහා රුපියල් තුන් සිය විසි හතර කෝටි, හැත්තෑ හත් ලක්ෂ, හැට එක් දහස්,පන්සිය පනස් නමයක (3,247,761,559) වියදමක් දරා ඇතත් එම ව්‍යාපෘතිවලින් ලබාගෙන ඇත්තේ ඉතා අල්ප ප්‍රතිඵලයක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වනවා.

ගංවතුර, නායයෑම්, දැඩි සුළං තත්ත්ව හේතුවෙන් 2022 සහ 2023 වසර දෙක තුළ පුද්ගලයින් දෙලක්ෂ, තිස්පන්දහස් ,තුන්සියවිසිනම දෙනෙකු (235,389) පීඩාවට ලක්වුහ. මෙවර ගං වතුර තත්ත්වය හේතුවෙන් ආපාදාවට පත් වූ පුද්ගලයින් ගණන හාර ලක්ෂ හැත්තෑ පන් දහස ඉක්මවීය.

ආපදා අවම කිරිමේ ව්‍යාපෘති වලින් අපේක්ෂිත ප්‍රථිපල ලඟා කරගත යුතු බැව් විගණනය මගින් නිර්දේශ කොට ඇත.

මේ පිළිබද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ඉකුත් වසර 13 තුළ ලැබි ඇති ආපදා අවම කිරිමේ ප්‍රතිපාදනවලින් පමණක් ආපදාවන්ගෙන් පිඩාවට පත්වන පුද්ගලයින් සංඛ්‍යාව අඩුකළ නොහැකි බවය.

මේ සදහා බලපානු ලබන සමාජ, ආර්ථික, හා පුද්ගල බද්ධ කරුණු බොහෝමයක් හේතුවි ඇති බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago