ඩීසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා අද (01) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
මාසික මිල සූත්‍රයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහළ දැමීමටයි, ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කළේ.
ඒ අනුව එහි වත්මන් මිල රුපියල් 286ක් වනවා.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල ගණන් සංශෝධනයක් සිදු නොවූ අතර එහි මිල රුපියල් 313ක්.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු කර ඇති අතර එය අලෙවි කරන්නේ රුපියල් 309කටයි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනයක් සිදු කළේ නැහැ.
එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කන් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 188ක් වනවා.
මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට සමාන ලෙස සිය ගාස්තු සංශෝධනය කිරීමටයි, ලංකා IOC සමාගම කටයුතු කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…