උතුරු ප්‍රදේශයේ මහවිරු සැමරුම් උත්සව පැවති බවට අසත්‍ය තොරතුරු පළ කිරිමේ සිද්ධියටකට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන මෙම පුද්ගලයා සිය මුහුණු පොත ඔස්සේ උතුරු ප්‍රදේශයේ මහවිරු සැමරුම් ඇති බවට තොරතුරු පළ කර තිබුණා.
ඒ අනුවයි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ.
මේ අතර, මහවිරු දින සැමරුම් ප්‍රවර්ධනය වන අයුරින් ප්‍රචාරයන් සිදු කිරිමට අදාළව පොලිසිය මීට පෙරද සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
37 හැවිරිදි වියේ පසුවන ඉන් එක් අයෙකු චුන්නාකම් ප්‍රදේශයේ දී ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ යාපනය උප ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් දෙදෙනා ගෙන් එක් අයෙකු බද්දේගම පදිංචි 28 හැවිරිදි අයෙක්.
එහිදී ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ද ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…