ශ්‍රී ලංකා

ලෝක ඒඩ්ස් දිනය අදයි !

ලෝක ඒඩ්ස් දිනය (1) අදයි. “ අයිතිය සුරකිමු – ඒඩ්ස් නවතමු “ යන්න මෙවර තේමාව කර ගනිමින් අද ඒඩ්ස් දිනය සමරනු ලබනවා.

නව එඩ්ස් රෝගීන්ගේ සීග්‍ර වැඩිවිමක් මේ වන විට දක්නට ලැබෙන අතර වසර 2020 සිට 2022 දක්වා කාලය තුළ නව රෝගීන් 200 – 300 අතර සංඛ්‍යාවක් හමු වුවද පසුගිය වසරේ (2023) දී එම සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලී පවසනවා.

හදුනාගත් නව රෝගින්ගෙන් සියයට 15 – 20ක් පමණ නව යොවුන් වියේ පසුවන්නන් බවද ඇය පවසනවා.

ජංගම දුරකථන භාවිතය තුලින් ගොඩනගා ගන්නා නව සබඳතාවන්, සහකරුවෙක් හෝ සහකාරියෙකු සොයා ගැනීමට තිබෙන පහසුව, නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විම වැනි හේතු මත නව යෞවුන්වියේ දරුවන් ඒඩ්ස් ආසාදිතයින් බවට පත්ව ඇතැයි ඇය පවසා සිටියා.

වසර 1987 පළමු ඒඩ්ස් රෝගියා සොයා ගත් දින සිට මේ දක්වා රෝගින් 5000ක් පමණ සොයාගෙන ඇති නමුත් එයින් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ 3500ක පමණ පිරිසක් බව විශේෂඥවරිය අවධාරණය .

පිරිමි පිරිමි අතර ඇතිවන ලිංගික හැසිරිම හේතුවෙන් ඔවුන් අතර රෝගය සිඝ්‍රයෙන්  න් බෝවීමට පටන් ගෙන ඇති බවත් කාන්තාවන් 1ට පිරිමින් 2ක් වශයන් තිබු රෝග ව්‍යාප්තිය මේ වන විට 7ට 1 දක්වා වර්ධනය වි ඇති බවත් හඳුනාගෙන ඇත.

ඒඩ්ස් දිනයේ ජාතික සැමරුම අද පෙරවරු 8.00 ගෝල්ෆේස් පිටියේදී අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලීන්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හසංක විජයමුණි මහතා ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago