තාක්ෂණික

සියලුම WhatsApp පරිශීලකයින් සඳහා හදි​සි දැනුම්දීමක්!

WhatsApp ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී සිදුකරන මූල්‍ය වංචා පිළිබවඳව ලැබෙන පැමිණිලි ඉහළ යාම හේතුවෙන් තම දුරකතන අංකවලට ලැබෙන කිසිඳු සත්‍යාපන කේතයක් තෙවන පාර්ශ්වයකට ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ පැවසුවේ, හැකර්වරුන් වට්ස්ඇප් කණ්ඩායම්වලට සම්බන්ධ වී පරිශීලකයන්ගේ ගිණුම් අධීක්ෂණය කරන අතර ගිණුම් හැක් කිරීමෙන් පසු හදිසි අවස්ථාවක් බව පවසා මුදල් බැර කරන ලෙස දුරකථන අංකවලට හදිසි පණිවිඩ යවන බවයි.

ඒ අනුව ආගමික වැඩසටහන්, ත්‍යාග දිනා ගැනීම් හෝ අධ්‍යාපනික වැඩසටහන් සඳහා සහභාගී වීමේ වැනි අවස්ථාවන් සඳහන් කරමින් මොවුන් විසින් දුරකතන අංකය වෙත ලැබී ඇති රහස් කේතයක් ඉල්ලා සිටින බවයි සඳහන් වන්නේ.

අදාළ පුද්ගලයා එම කේතය ලබා දීම හරහා හැකර්කරුවන්ට ඔවුන්ගේ වට්ස්ඇප් ගිණුම පාලනය කිරීමට හැකියාව ලැබෙනවා.

ඒ අනුව දුරකථනයට ලැබෙන කේතය හැකර්කරුවන්ට ලබා දීමෙන් පසු, ඔවුන් විසින් තමාගේ වට්ස්ඇප් ගිණුම පාලනය කරමින්, ගිණුමේ සම්බන්ධිත අංකවලට විවිධාකාරයේ ගැටලු සඳහන් කරමින් මුදල් ඉල්ලා හදිසි පණිවිඩ යැවීම සිදු කරනවා.

කෙසේ වෙතත් එවැනි පණිවිඩයක් ලැබුණහොත්, මුලින්ම එම ගිණුම අයිතිකරු අමතා තොරතුරු සත්‍ය දැයි තහවුරු කරගත යුතු බවත් වට්ස් ඇප් ගිණුමක් හැක්වී ඇති බව දැනගතහොත් වහාම එම ගිණුම අයිති පුද්ගලයා එහි තිබු අනෙකුත් දුරකතන අංක අමතා ඒ පිළිබඳ දැනුවත් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ පිළිබඳව ජනතාව තුළ පවතින දැනුවත්භාවය හරහා මෙවැනි මූල්‍ය වංචාවන් ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ හැකියාව පවතින බවයි ඉංජිනේරුවරයා පවසන්නේ.

Ceylon News Factory

View Comments

  • මුං තාම ඉන්නෙ ගල් යුගේ උනාට හැකර්ස්ලා ඉන්නෙ 2024. තාන හිතං ඉන්නෙ කෝඩ් එක ආවම එක එකාට යවල ලබ්බක් කරනව කියල. කෝඩ් එකක් ෆෝන් එකට වත් එන්නෙ නැතුව හැක් වෙච්ච එකවුන්ට්ස් කීයක් තියෙනවද. ඔන්න මේ දවස් වල ටෙලිග්‍රෑම් එහෙම හැක් වේගන යනවා. කරන්න තියෙන්නෙ කෝඩ් එකක් එනකං බලං ඉන්න එක නෙවේ, 2 Step Verification වත් හදාගන්න.

Recent Posts

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

35 minutes ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

2 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

5 hours ago

ලෝක ආර්ථික සංසදයෙන් අනාගත රැකියා පිළිබඳ වාර්තාවක් එළිදැක්වේ!

ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…

6 hours ago