අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබේ.
එම අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. උණුසුම් තත්ත්වය අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, උද්ඝෝෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල උද්ඝෝෂණය හේතුවෙන් මේ වනවිට බොරැල්ල – කොට්ටාව 174 බස් මාර්ගය ද සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන සංවර්ධන නිලධාරින් විසින් මෙම උද්ඝෝෂණය සංවිධනා කර ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.
තමන්ව ගුරුසේවයට අනුයුකුත් කර සේවයේ ස්ථිර කරන ලෙසට ඔවුන් ඉල්ලා සිටිනවා.
පාසල් සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ වෘත්තීය සංගම් නියෝජිතයන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය වෛද්‍ය මධුර සේනාරත්න මහතා අතර පැවැත්වුණා.
එහිදී එම නිලධාරීන් රජයේ වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම තාවකාලිකව අත්හිටුවීමට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව ලේකම්වරයා පොරොන්දු වූ බව සඳහන්.
එමෙන් ම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත්ව ක්‍රියා කළ යුතු බවටයි එහිදී අදහස් පළ කර ඇත්තේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…