පොලිසිය වග කිව යුතුයි – කාර්තිව් ඛේදවාචකය ගැණ පාර්ලිමේන්තුවේ දී හෙළිදරව්වක්!

අම්පාර කාර්තිව් මාවඩි පාලම අසල ට්‍රැක්ටර් රථයක් පෙරළී යෑම නිසා සිදුවු මරණ 08 සම්බන්ධව පොලිසියේ අකාර්යක්ෂම හැසිරීම වග කිව යුතු බවත් සිද්ධිය සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද ( 03) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

ඔහු පැවසුවේ සිද්ධිය වළක්වා ගැනීමට තබා සිද්ධිය වාර්තා කර පැය හතරක් පමණ යනතුරුවත් පොලිසිය එම ස්ථානයට පැමිණ නැති බවය. අසල ගම්වැසියන් නොපැමිණෙන්නට බේරා ගත් දරුවන් ද අද ජීවතුන් අතර නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. බදියුදීන් මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.

පෙරේදා ගංවතුර වෙලාවේ මරණ අටක් සිද්ද වුනා. මම හිටියේ සිද්ධිය වනවිට ඒ පලාතෙ. මම ඒ පපාසලටත් ගියා. දරුවන් එහෙම යවලා තියෙන්නේ ඒ වෙනකොට යන්න බැරි ප්‍රශ්නයක් තිබුණ නිසා. එම මාර්ගය අනතුරු සහිත බව පොලිස් මාර්ග බාධකයක් දාලා හරි කියලා තිබුණා නම් මේ අනතුර සිද්ධ වෙන්නේ නෑ. ඒ තබා සිද්ධිය වෙලා පැය හතර පහක් ගියත් පොලිසිය ඇවිත් නෑ. ඩිසාස්ටර් මැනේජ්මන්ට් ඉඳලා. ක්‍රියාත්මක වෙලා නෑ. පොලිසියට අඬ අඬ කියනකොට කියලා තියනවා එන්ට්‍රියක් දාන්න කියලා. ඉතින් මිනිස්සු අඬ අඬ පැමිණිල්ලක් දාන්න ගිහින්. ගිහින් පැයක් ඉඳලා එන්ට්‍රියක් ලියන්න. පස්සේ ගිහින් මද්‍රසා පාසලේ අය අත් අඩංගුවට ගත්තා. මේ වගේ සිදුවීම් යළි වෙන්නේ නැතිව නවත්වන්න වැඩපිළිවෙළක් යනවා. මහජන ආරක්ෂාව ඇමති ගැන සැලකිලිමත් වේවි කියලා විශ්‍වාස කරනවා. ” බදියුදීන් මන්ත්‍රීවරයා පැවසුවේය.

එහිදී නැගී සිටි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල කීවේ වහාම මේ සම්බන්ධව මැදිහත් වී අවශ්‍ය පියවර ගැනීමට සොයා බලන බවය.

බදියුදින් මන්ත්‍රී මතු කළ කාරණාව ගැන කරුණු මතු වෙලා තියනවා. පොලිසිය ගැන ප්‍රශ්න මතු වෙලා තියනවා. හිටපු පොලිස්පති තුමා කිව්වා වගේ දේශපාලනිකව පත් කළ ඕඅයිසි ලා 182ක් ඉන්නේ. අපි මේ වගේ සිදුවීම් පිළිබඳ අවශ්‍ය පියවර ගන්නවා.



Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago