පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සුජිත් කියලා පුද්ගලයෙක් තමාට පහර දුන් බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා (Ramanathan Archchuna) පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.
මට යම් සිද්ධියක් වුණා . මම පාර්ලිමේන්තුවට ආවේ පළවෙනි වතාවට. මම කතා කරන්න විපක්ෂ නායකගේ ඔෆිස් එකට ගියා. ඒ මට වෙන් කරලා තියෙන වෙලාව බලන්න. එතකොට එතන සුජිත් කියලා එක්කෙනෙක් මට ගැහුවා. මේක අපේ පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වෙනවා නම් අපි පාරවල් වල යන්නේ කොහොමද?
නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකර මහත්මිය එහිදී පවසා සිටියේ මේ සම්බන්ධයෙන් කථානායකතුමාට පැමිණිලි කරන ලෙසයි.
මේ අතර අදාළ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් සමගි ජන බලවේගය නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරමින් සිටියේ තමා විසින් කා හටවත් පහර දුන්නේ නැති බවයි.
සංජය පෙරේරා මහතා මේ බව පැවසූයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.
සුජිත් සංජය පෙරේරා:-
මම එතුමාට පහර දුන්නැයි මෙතුමා බරපතල ප්‍රකාශයක් කරනවා.එහෙම කිසි දෙයක් සිදුවෙලා නෑ.මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා.එතුමා මට තර්ජනය කළා.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-
යාපනයේ ස්වාධීන මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයට ඇවිත් බොහොම අශෝභන ලෙස හැසිරුණා.ඔහු නොගැළපෙන වචන, කුණුහරුප කිව්වා. ඒ ගැන අපි කතානායකතුමාට පැමිණිල්ලක් කරලා තියෙනවා. සමහරු උගත් උනාට බුද්ධිමත් නෑ.මේ ගැලපෙන්නෙ නැති මන්ත්‍රීවරු විපක්ෂයේ වාඩි කරන්න එපා. වෙන තැනක වාඩි කරවන්න.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…