ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළව 3%ක මාසිකව ගෙවිය යුතු අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙම පියවර ගත්බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව පවසා සිටියේ, සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්‍රකාරව හෙට (5) දිනයේ සිට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අත්හිටු වූ බවයි.
ඒ අනුව දෙසැම්බර් මස 5 වනදා සිට මත්පැතන් නිෂ්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමටත්, එම හිඟ බදු මුදල් හා අධිභාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් එම සමාගමට නිකුත්කර ඇති සියලුම සුරාබදු මත්පැන් බලපත්‍ර ද දෙසැම්බර් මස 31 දිනෙන් ඔබ්බට දීර්ඝ නොකිරීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවද එම නිවේදනයේ සඳහන්ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…