ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ නිලධාරීන් පිරිසක් අද (05) උදෑසන ඒ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි.
මහවිරු සැමරුම පිළිබඳ අසත්‍යය තොරතුරු ප්‍රචාරය කළැයි යන චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් රේණුක පෙරේරා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළා.
මේ අතර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (04) පැවසුවේ උතුරේ මහවිරු සැමරුම් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත්තේ පසුගිය වසරවල වෙනත් රටවලදී සිදුකළ උත්සවල ඡායාරූප බවය.
එමෙන්ම අමාත්‍යවරයාවරයා වැඩිදුරටත් පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් දෙදෙනෙක් සිලින්ඩරේ ලකුණින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන පුද්ලයින් බවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…