සුරාබදු ආදායම වැඩි කරගැනීම ඇතුළු කරුණු කීපයක් පදනම් කරගෙන මෙරට මත්පැන් නිෂ්පාදකයින් සඳහා ලීටරයේ ප්‍රමාණයෙන් මත්පැන් බෝතල් නිෂ්පාදනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී තිබෙනවා.
මීට පෙර මිලිලීටර් 180, මිලිලීටර් 375, මිලිලීටර් 750 ආදී වශයෙන් මත්පැන් නිෂ්පාදනය කිරීමට මෙරට නිෂ්පාදකයින්ට අනුමැතිය ලැබී තිබූ අතර, තම චක්‍රලේඛ අනුමැතියට අනුව මිලිලීටර් 250, මිලිලීටර් 500, මිලිලීටර් 700 සහ මිලිලීටර් 1000 ලෙස මත්පැන් වීදුරු බෝතල්වල ඇසුරුම් කිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිව තිබෙනවා.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාර්මික තාක්ෂණ ආයතනය, පාරිභෝගික අධිකාරිය, මත්පැන් නිෂ්පාදකයින් ඇතුළු ආයතන කීපයක සහ 12 දෙනකුගෙන් යුත් කමිටුවක් විසින් මේවා නිෂ්පාදනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබුණා.
මත්පැන් නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම සිදුකරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම අනුමැතිය දී තිබෙන අතර, මෙමගින් මිලිලීටර් 1000 ලෙස වෙළෙඳපොළේ දැනට අලෙවි වන නිසි ප්‍රමිතියකින් තොර බවට චෝදනා එල්ලවී ඇති මත්පැන් අලෙවිය අඩපණ කිරීමට ද මෙමගින් අවස්ථාව හිමිවනු ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…