ගම්පහ පොලිස් වසමේ තම්මිට පාරේ කවුඩන්ගහ ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදු වූ බව පොලීසිය පවසනවා.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති අතර, වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 39ක් වූ තම්මිට, මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙම වෙඩි තැබීම පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…