බෝම්බ තර්ජන සම්බන්ධයෙන් ලද තොරතුරු හේතුවෙන් ඉන්දියාවේ පාසල් 40කට අධික සංඛ්‍යාවක් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබේ.
ඊයේ (08) රාත්‍රී කාලයේ සහ අද (09) උදෑසන විද්‍යුත් ලිපි මාර්ගයෙන් මෙම බෝම්බ තර්ජන එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
දිල්ලි නුවර පාසල් 44ක් වෙත මෙලෙස බෝම්බ තර්ජන පිළිබඳ ලිපි ලැබී ඇති බව සඳහන් වේ.
ඒ අනුව ඉන්දීය පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර අද උදෑසන පාසල් වෙත පැමිණ තිබූ ළමුන් කඩිනමින් නිවෙස් කරා යොමුකර පරීක්ෂා කිරීම් ආරම්භ කිරිමට ද ඔවුන් කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ සඳහා පොලිස් නිළධාරීන්ට අමතරව ගිනි නිවන භටයින්, බෝම්බ නිෂ්ක්‍රීය අංශ සහ නිල සුනඛයින් ද යොදාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය ඔක්තෝබර් මාසයේ ද ඉන්දියාවේ පාසල් කිහිපයකට මෙලෙස බෝම්බ තර්ජන එල්ල වී තිබු අතර පසුව ඒවා ව්‍යාජ අනතුරු ඇගවීම් බවට තහවුරු වී තිබුණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…