ශ්‍රී ලංකා

වාහන ආනයනය ගැන වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් ප්‍රකාශයක් !

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ හේතුවෙන් වාහන මිල දී ගැනීම හෝ ඒවා විකිණීම සම්බන්ධයෙන් කලබල විය නොමැති බව එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කරනවා.

“මේක දැන් ගෙන්වීම අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද අපි දැන් වාහනයක් නැතුව අවුරුදු 4ක් – 5ක් අපේ කේෂ්ත්‍රය කඩා වැටීමට ලක්වෙලා තියෙනවා. අපෙත් පැතුම මොනවා හරි වාහනයක් ගේන්න. අපිත් ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ බස්, ලොරි ගෙන්නලා ඊට පස්සේ දෙවන තුන්වන අදියර යටතේ ඉතුරු වාහනත් ගෙන්න ගන්න ඉක්මට හැකියාව ලැබෙන්න කියලා. දැනට කිසිම වාහනයක් ගේන්න රජයේ කිසිම තීරණයක් නෑ. නව රජයෙන් තීරණය වෙනස් වෙයිද කියලා අපිට කියන්න බෑ. කිසිම කෙනෙක් කලබල වෙන්න එපා තමන් ළඟ තියෙන වාහනය විකුණන්න. තාම රජයේ කිසිම කෙනෙක් ප්‍රකාශයට පත්කරලා නෑ කවද්ද වාහන ගෙන්වන්නේ කියලා. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා. මොකද මිනිස්සු කලබල වෙලා ඉන්නේ. රජය ප්‍රකාශයට පත්කරන කල් තමන් ළඟ තියෙන වාහනය අඩුවට කාටවත් විකුණන්න ඕනේ නෑ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago