ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබෙනවා.
ඒ ඔවුන් සිදුකළ බවට සැලකෙන ඇති මූල්‍ය වංචා සිදුවීම් සම්බන්ධයෙනි.
මේ යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන එයාර්බස් ගුවන් යානා මිලට ගැනීමේදී වෙළෙඳපොළ වටිනාකමට වැඩි අගයකට ඒවා මිලදී ගැනීම සඳහා අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා.
හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංගට එරෙහි සම්බාධක පනවා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවට එල්ලවන චෝදනා යටතේය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 7031(c)වගන්තිය යටතේ මොවුන් දෙදෙනාට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට යන දෙපාර්ශවයේම නම් ප්‍රසිද්ධ කර ඇති අතර, ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…