ශ්‍රී ලංකා

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 8 දෙනාට ඇප!

අතුරුගිරිය පච්ච කෙටීමේ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට බන්ධනාගාරගතව සිටි සැකකරුවන් 22 ගෙන් සැකකරුවන් 7දෙනෙක් රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප 2ක් මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂාදීන් අද නියම කළේය.

සැකකරුවන් 8 දෙනාගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, සැකකරුවන් 8 දෙනා අතුරුගිරිය පොලිසියේ සෑම සතියකම අත්සන් කළ යුතු බවටත් දැඩි ඇප කොන්දේසි පනවා ඇති බවටත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

පසුගිය ජූලි මස 08 වන දින අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක සිදු කළ වෙඩි තැබීමක දී මියගිය විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේරත්න සහ රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන මේ දක්වා රක්ෂණ භාරයට පත්කරන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම ඇතැම් සැකකරුවන් මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කිරීමට ද අපේක්ෂා කරන බවයි.

12 වන සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ද 03,04,05,06,07 සැකකරුවන් වෙනුවෙන් නීතීඥ විශ්ව විදානගමගේ මහතා සමඟ නීතීඥ නුවන් ජයවර්ධන මහතා පෙනී සිටිමින් ඇප ඉල්ලීම් සිදු කර ඇත.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago