කථානායක අශෝක රන්වල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළ බව පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා.
අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවම් මහතා මේ බව පැවසුවා.
කථානායකවරයා මුල් අවස්ථාවේදී ඔහුට ආචාර්ය උපාධියක් ඇති බවට සහ විවිධ උපාධි ඇති බවට පෙන්වා ජනතාව රවටා ඇති බවයි ඔහු පවසන්නේ.
ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයක් සිය පාර්ලිමේන්තු කණ්ඩායම හරහා ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් මේ සඳහා සමස්ත විපක්ෂය මෙන්ම හෘද සාක්ෂියට එකඟ ආණ්ඩුවේ පිරිස්ද මේ සඳහා දායකත්වය ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඔහු එහිදී කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ:
තමන් සම්බන්ධව වංචනිකව යම්කිසි අධ්‍යාපන සුදුසුකමක් ජනතාවට දැනුම්වත් කරලා තිබිලා එය වැරදි බවට හෙළි වෙලා තියෙනවා නම් කථානායකවරයා කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ සමස්ථ පරිපාලනයට ගරු කරමින් රටේ තුන්වැනි පුද්ගලයා වංචනිකයෙක් කියන නාමය දෙන්නේ නැතිව මේ තනතුරින් වහාම ඉවත් වීම. නමුත් අවාසනාවකට අපිට එහෙම දෙයක් පේන්නේ නැහැ. මේක සමස්ත රටටම ඉතාම හානිදායක තත්ත්වයක්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…