ශ්‍රී ලංකා

අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ ඇති නමුත්, තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, තමාගේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි මේ මොහොතේ තමා සතුව නොමැති බවත් ඔහු සඳහන් කරනවා.

තමන්ට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත්, එම ලියකියවිලි හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට තමා අදහස් කරන බවත් එම නිවේදනය මගින් ඔහු සඳහන් කරනවා.

එමෙන්ම, මේ මොහොතේ මතුව ඇති එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා තමා එම ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අශෝක රංවලගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විවාදයක් මතුවී තිබෙන මොහොතක සහ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයවන සමගි ජන බලවේගය විසින් අත්සන් ලබා ගනිමින් සිටින මොහොතකයි ඔහු මෙලෙස කතානායක ධූරයෙන් ඉල්ලා අස්වන්නේ.

ඉකුත් නොවැම්බර් 21 වැනිදා මෙරට දසවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අසෝක රන්වල පත්වූයේ සභාවේ ඒකමතික කැමැත්ත මතයි.

ඔහුව එම තනතුරට යෝජනා කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් වන අතර, ඔහුගේ නම ස්ථීර කරනු ලැබුවේ අමාත්‍ය විජිත හේරත් විසින්.

ලිපිය පහතින්,

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago