කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (12) නියෝග කළේය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අසභ්‍ය දර්ශන ඇතුළත් දුරකථනයක් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට අධිකරණය ලබා දුන් නියෝගයක් වසර 8ක් පුරාවට පැහර හැර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ හමුවේ කියා සිටියේ අසභ්‍ය වීඩියෝ දර්ශන සන්තකයේ තබාගෙන අන්තර්ජාලය හරහා මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම ප්‍රදේශයේ සැකකරුවෙකු 2016 වසරේදී අත්අඩංගුවට ගත් බවය.
එසේ අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබූ ජංගම දුරකථනය සම්බන්ධයෙන් පරිගණක වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකවරයාට අවස්ථා කිහිපයකදී අධිකරණය මගින් දැනුම් දී තිබේ.
නමුත් සිද්ධිය සිදුව වසර 8ක් ගතව ඇතත් එම පරිගණක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට එම විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකවරයාට නොතීසී නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධියට අදාළ නඩුව ලබන මැයි මස 25 වැනි දින නැවත කැඳවීමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…