දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල්ට එරෙහිව පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් දෙවන වරට ගෙන ආ දෝෂාභියෝගය සම්මත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඊට අදාළ ඡන්ද විමසීම අද පෙරවරුවේ එරටදී පවත්වා තිබුණි.
දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 3 වනදා රාත්‍රියේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම පදනම් කර ගනිමිනි.
කෙසේ වුවද පළමු වරට ගෙනආ දෝෂාභියෝගයේදී ජනාධිපති නියෝජනය කරන පාලක පීපල් පවර් පක්ෂය ඡන්ද විමසීම වර්ජනය කිරීමෙන් දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්විය.
ජනාධිපතිවරයාට එරෙහිව දෙවන වරටත් දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂය ඊයේ (13) පියවර ගත්තේ ඒ අනුව ය.
එහිදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සිය ඡන්දය භාවිත කළ අතර මන්ත්‍රීවරුන් 204ක් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
දෝෂාභියෝගයට විපක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 85ක් පමණි.
ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝගය අද එරට පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්කිරීමට නියමිත අතර එරට අගමැතිවරයා වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කිරීමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…