සිරස voice හැඩ කළ කවිනුගේ අලුත්ම ගීතය ”රෑ තරු පවා” !


සිරස voice වේදිකාව සැරසූ කවිනු සෙනරත් පතිරණ ඔහුගේ නවතම ගීතය වන “රෑ තරු පවා” ශ්‍රී ලංකාවේ ගීත සන්නාමයන්හි අංක එක හිමිකරගෙන ඇති M Entertainment හරහා එළි දක්වා තිබෙනවා.

කවිනු සෙනරත් පතිරණ මාතර රාහුල විද්‍යාලයේ සිය මූලික අධ්‍යාපනය ලැබ දැනට ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපාධි පාඨමාලාව සදහා තේරී පත්ව ඇත. ළමා කාලයේ සිටම තම ගායනා කුසලතාවය වර්ධනය කරගත් කවිනු වාදනයට ද දක්වන්නේ විශේෂ කුසලතාවයක්.

දැනට ගීත 4ක් එළි දක්වා ඇති කවිනු සෙනරත් පතිරණ ඔහුගේ නමින් යූ ටියුබ් චැනලයක් පවත්වාගෙන යයි. තම ගීත සදහා ගායනය, තනු නිර්මාණය මෙන්ම සියලුම ගීතයේ නිර්මාණයන් තමා විසින් ම සිදු කර ඇති ඔහු ඉතා දක්ෂ සංගීත ශිල්පියෙක් වීමේ තම පැතුම හඹා ගමන් කරමින් සිටී. ගීත සදහා පද රචනයන් තම මෑණියන්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදිකාවක මෙන්ම නිවේදිකාවක වන තිලකා ජයවික්‍රම විතානගේ අතින් හැඩගැන්වී තිබීම සුවිශේෂ අවස්ථාවකි.

මෙහිදී තම ජීවිතයේ දිශාව තීරණය කරමින් ඒ සදහා අවස්ථාව හිමිකර දුන් ආදරණීය පියාණන් ඉන්දික සෙනරත් පතිරණ මෙන්ම ආදරණීය මල්ලී සමිරු ද ඔහු විශේෂයෙන් සිහිපත් කර සිටී.

ගීතය අසා ඒ ගැන අදහසක් එක් කරන ලෙසත්, තම යූ ටියුබ් චැනලය subscribe කර තමාට සහාය දක්වන ලෙසත් ඔහු තම ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගෙන් අපේක්ෂා කරයි.
සින්දුව මෙතැනින් අහන්න.

Team CNF

Recent Posts

​Warne-Muralitharan Trophy – ටෙස්ට් තරගාවලිය සඳ​හා ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

4 seconds ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 hour ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

5 hours ago