කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එළැඹෙන 17 රැස්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී මෙම නම යෝජනා කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා :
වගකිවයුතු පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්න ඕනේ. පැහැදිලිවම කථානායකවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙලා විතරක් ප්‍රමාණවත් නැහැ. මේ අය කරලා තියෙන්නේ රටේ ජනතාව නොමඟ යවලා තියෙන්නේ. හරි විදිහට ඔහුගේ මන්ත්‍රී ධුරයෙන් පවා ඉවත්වෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අපේ බරපතළ විවේචනයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අඟහරුවාද දිනයේදී අපෙනුත් කථානයකවරයෙක් යෝජනාකරන්න. මොකද අපිට විශ්වාසයක් නැහැ ඊළඟට කථානායක විදිහට මාලිමාවෙන් නම්කරන පුද්ගලයාගේ සුදුසුකම් හෝ විශ්වාසය පිළිබඳ. ඒ පිළිබදව බරපතළ සැකයක් තියෙනවා. ඊළඟ සැරෙත් අපිට රැවටෙන්න බැහැ. අපිත් රැවටිලා ඒයාට සහායෝගය දුන්නානේ. ඒ නිසා අනිවාර්යෙන් අපි මීළග පාර්ලිමේන්තු දවසේ විපක්ෂයේ නමකුත් යෝජනා වෙනවා. හැබැයි ඒ යෝජනාකරන කෙනාගේ බොරු අධ්‍යාපන සහතික නෑ.
මේ අතර කථානායක අශෝක රංවල මහතාට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පසුගිය දිනවල රටතුළ දැඩි ආන්දෝලනයක් මතුවුණා.
එවන් පසුබිමක පාර්ලිමේන්තු ලිපි ශීර්ෂයකින් පෙරේදා (13) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් රංවල මහතා සඳහන් කළේ, තමා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව, ඒ මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකර ඇති අතර ජනාධිපතිවරයා විසින් එය පිළිගෙන තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…