අඟුලාන දුම්රියපොළ පාරේ ඇළ මාර්ගයේ තිබී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
අදාළ ඇළ මාර්ගයේ කසළ ඉවත් කරන පුද්ගලයින් දෙදෙනෙකුට අද (16) එම බිළිඳු මළසිරුර හමුව ඇත.
අදාළ පුද්ගලයින් දෙදෙනා ඇළ මාර්ගයේ කසළ ඉවත් කරමින් යන අවස්ථාවේ සැකසහිත පොහොර උරයක් ගොඩදමා තිබෙනවා.
එම පොහොර උරයේ වෙනත් බෑගයක දමා තිබී එම සිරුර සොයාගෙන ඇත.
ඉන්පසුව එම පුද්ගලයින් දෙදෙනා ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ අලුත උපන් බිළිඳු මළ සිරුරක් බව තහවුරු කර ගෙන තිබෙනවා.
ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ මූලික විමර්ශන කටයුතු සිදුකළ ඇති අතර මොරටුව වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා පැමිණ මළ සිරුර පිළිබඳව මහෙස්ත්‍රාත් කටයුතු සිදු කරන ලදි.
මෙම බිළිඳු මළසිරුර දින කිහිපයකට පෙර මෙම ඇළ මාර්ගයට දමා ඇති බවත් සිරුර නරක්වී ඇති බැවින් නියමිත වයස තීරණය කළ නොහැකි බව පොලීසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධව මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…