දේශපාලන

ජනාධිපති අරමුදලෙන් කෝටි ගණන් ලබාගත් මැති ඇමැතිවරුන්ගේ ලැයිස්තුව මෙන්න!

2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

එහිදී ඔහු සඳහන් කළේ මෙම අරමුදලේ මුදල් වෙන් කර ඇත්තේ මෙරට දරිද්‍රතාවයට සහන සැලසීම ඇතුලු සුබසාධක කටයුතු සඳහා බවය.

“අපේ රටේ දරුවන්ටත් උදව් කරන්න පුළුවන් අරමුදලක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ අරමුදල් පනත. ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා උදව් කළයුතු ආකාරය.”

  1. දරිද්‍රතාවයට සහන සැලසීම සඳහා
  2. අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම සඳහා
  3. ආගම නංවාලීම සඳහා
  4. ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයක් කිරීම සඳහා
  5. ජනාධිපති හෝ මණ්ඩලය තීරණය කරන ආකාරයට යහපත සඳහා

“2005 -2024 ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු මා සතුව තිබෙනවා.”

  • පී. හැරිසන්
  • පියසේන ගමගේ
  • සුමේදා ජයසේන
  • මනෝජ් සිරිසේන
  • පී දයාරත්න
  • එස්.සී මුතුකුමාරණ
  • වාසුදේව නානායක්කාර
  • එස් බී නාවින්න

“මේ අයගේ නම් කෙලින්ම තිබෙනවා. තව නම් කිහිපයක් තිබෙනවා…සොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ.”

  • දයාසිරි පද්මකුමාර ජයසේකර වෙන්න ඕනේ..”
  • පියල් නිශාන්ත ද සිල්වා
  • සුසිල් ප්‍රේමජයන්ත
  • ඉසුර දේවප්‍රිය

“මේ කට්ටියක්.. තව ඉන්නවා…”

  • ජගත් කුමාර – රු. ලක්ෂ 10යි
  • කේ පී එස් කුමාරසිරි – රු 953,430
  • ජයලත් ජයවර්ධන – රු ලක්ෂ 10යි
  • නාමල් ගුණවර්ධන – රු ලක්ෂ 10යි
  • ධර්මදාස බණ්ඩා – රු ලක්ෂ 10යි
  • විදුර වික්‍රමනායක – රු ලක්ෂ 15යි
  • විමලවීර දිසානායක – රු ලක්ෂ 30යි
  • ලකී ජයවර්ධන – රු ලක්ෂ 16.2යි
  • පී චන්ද්‍රසේකරන් – රු ලක්ෂ 14යි
  • ජෝන් අමරතුංග – රු ලක්ෂ 40යි
  • ජෝසප් මයිකල් පෙරේරා – රු ලක්ෂ 27යි
  • ටී බී ඒකනායක – රු ලක්ෂ 48යි
  • ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා (සරත් ෆොන්සේකා නොවේ) – රු ලක්ෂ 55යි
  • ජයන්ත වීරසිංහ – රු ලක්ෂ 90යි
  • ඇලික් අලුවිහාරේ – රු ලක්ෂ 22යි
  • රංජිත් අලුවිහාරේ – රු ලක්ෂ 8.6යි
  • රාජිත සේනාරත්න – රු ලක්ෂ 100යි
  • කෙහෙළිය රඹුක්වැල්ල – රු ලක්ෂ 110යි
  • එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන – රු ලක්ෂ 112යි
  • රංජිත් සොයිසා – රු ලක්ෂ 188යි
  • දි මු ජයරත්න – රු ලක්ෂ 300යි


“මේකෙන් තෝරන්න ඉහත අංශවලින් කොයි එක යටතේද දීලා තියෙන්නේ කියලා.”

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago