දේශපාලන

‘පරමාදර්ශී පාර්ලිමේන්තුවක් ගොඩනගන්න සියලු දෙනාගේ සහය ඉල්ලනවා’ නව කථානායක සිය ධූරයේ වැඩ අරඹමින් පවසයි!

පරමාදර්ශී පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට සියලු දෙනාගේම සහය ඉල්ලා සිටින බව නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කථානායක ධූරයේ වැඩ බාර ගනිමින් ප්‍රකාශ කළා.

පොදුජන යහපත උදෙසා ව්‍යාවස්ථා දායකයේ වගකීම ඉටුකිරීමේ දී අභියෝගාත්මක භූමිකාවක් තමාට දැරීමට සිදුවන බව නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසනවා.

අද (17) උදෑසන නව කථානායක ධුරයේ වැඩ අරඹමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියේ, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉතා වැදගත් වන බැවින් සියලුදෙනා අනෝන්‍ය අවබෝධයෙන් කටයුතු කළ යුතු බවය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත විශේෂ පොරොන්දුවක් ලබාදෙමින් වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙලෙස පැවසීය.

“මා මෙම උත්තරීතර නිලය දරන තුරු මහජන නියෝජිතයින් ලෙස ඔබ සියලුදෙනාගේම අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන බවට පොරොන්දු වෙනවා. මුළු සභාවටම නැවතත් ස්තූතියි. 10 වන පාර්ලිමේන්තු ජාති ආගම් භේදයෙන් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශි පර්ලිමේන්තුවක් බවට පත්කිරීමට සියලුදෙනාගේ සහයෝගය නැවත ඉල්ලා සිටිමි.”

වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ගල්අමුණ මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් උසස් පෙළට පෙනී සිට තිබේ.

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යා උපාධිය ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය පරිපාලන උපාධිය ද ලබා ඇත.

එමෙන්ම විෂය කේෂ්ත්‍රයට ආයත් දෙස් විදෙස් පාඨමාලා හා පුහුණු වැඩසටහන් විශාල ප්‍රමාණයකට සම්බන්ධ වී තිබේ.

වෛද්‍යවරයෙක්, වෛද්‍ය පරිපාලන අධ්‍යක්ෂවරයෙක් ලෙස හා පොළොන්නරුවේ චීන ශ්‍රී ලංකා ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ඇතුළුව වසර 26ක කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ ජනතාව වෙනුවෙන් සේවය කළ අයෙකි.

මෙවර මහ මැතිවරණයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මනාප 51,391ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු වරම් දිනාගැනීමට සමත් විය.

Yumal Kasun

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago